03 May 2025


සියලු විශ්‍රාමිකයන්ගේ මාසික අන්තර් කාලීන දීමනාව සිය ගිණුම්වලට



සියලු විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහ භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගිය දා උපදෙස් ලබාදී තිබුණා.

එම උපදෙස්වලට අනුව මහ භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති අතර අද සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)