03 September 2025

logo

ඕස්ට්‍රේලියාවේ මැතිවරණය ඇරඹෙයි



ඕස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡන්ද විමසීම සඳහා මිලියන 18ක පිරිසක් ඡන්දය භාවිත කිරීමට නියමිත බවයි.

වාමාංශික ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ කොන්සර්වේටිව් ලිබරල් - ජාතික සන්ධානයේ පීටර් ඩටන් මැතිවරණය සඳහා තරගවදින බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇත්තේ ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුවයි.

මැතිවරණය ජයග්‍රහණය කර බහුතර රජයක් පිහිටුවීම සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76ක් ලබාගත යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එසේ නොමැතිනම් සුළු පක්ෂ හෝ ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් සහාය දිනාගැනීමට උත්සාහ කළ යුතු බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)