03 May 2025


ආරක්ෂක ලේකම් සහ පාකිස්ථාන නාවික හමුදාපති අතර හමුවක්



ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් Naveed Ashraf අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ පාකිස්ථානයේ පැවැත්වෙන ආරක්ෂක සංවාදයකට සමගාමීවයි.

මෙම හමුව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) ජයන්ත එදිරිසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)