03 May 2025


ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට



සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) සවස කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරු වයස අවුරුදු 52ක් වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

(colombotimes.lk)