16 April 2025


කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට



රුපියල් මිලියන 230ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඇමරිකානු ජාතිකයෙක් අද (15) කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කළේ ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුෂ් කිලෝග්‍රෑම් 23ක් සොයාගෙන තිබෙන බවයි.

ඔහු එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කළේ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝග්‍රෑම් 01 බැගින් වූ පැකට් 23ක් ලෙස සකස් කර මෙම 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23ක ප්‍රමාණය සඟවා ගෙන තිබූ බවයි.


(colombotimes.lk)