සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු අභාවප්‍රාප්ත වන විට 72 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
1978 ඔක්තෝබර් මස 31වනදා කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්යවරයක් ලෙස ඔහු එක්වුණා.
සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ මෙරට පළමු මහාචාර්යවරයා වන ජයසේන කෝට්ටේගොඩ චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන ශිල්පියෙක්, නර්තන අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් රැසක බාහිර නිෂ්පාදකයෙක් ලෙසත් දායකත්වය සපයා තිබෙනවා.
(colombotimes.lk)