'Peoples Remittance කලින් අවුරුදු වාසි ' දිනුම් ඇදීමෙන් තෝරා ගත් ජයග්‍රහකයන් 25දෙනෙක්ට රු. 25,000ක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මළු 25ක් පසුගියදා පිරිනමා තිබෙනවා.
ඒ අදාළ ශාඛා කළමණාකාරවරු, ප්‍රාදේශීක කළමණාකරුවන්, සහකාර ප්‍රාදේශීක කළමණාකරුවන් හා ව්‍යාපාර ප්‍රවර්ධන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.
පිටරට සිට මුදල් ප්‍රේෂණය කිරීම සඳහා නීත්‍යනුකූල බැංකු ක්‍රම භාවිතා කරන ගනුදෙනුකරුවන්ගේ කැපවීම හඳුනාගෙන ඔවුන්ව අගය කිරීමක් ලෙසත් අප රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ සංවර්ධනය උදෙසා දායකවීමට ඔවුන් ගන්නා උත්සාහය වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීම අරමුණු කරගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
මීට අමතරව වසර පුරාවටම එතෙර සිට මහජන බැංකුව වෙත ශ්‍රමික ප්‍රේෂණ එවා 'People’s Remittance වාසි කෝටියයි' සහ 'දොළොස් මහේ වාසි චක්‍රයෙන්' සෑම මසකම ගනුදෙනුකරුවන් වෙත දිනුම් අවස්ථා රැසක් හිමි කර දීමට මහජන බැංකුව කටයුතු සූදානම් කර තිබෙනවා.