16 April 2025


නව පොලිස් වේග කැමරා වැඩ අරඹයි



වේගයෙන් ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය නව වේග කැමරා භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම උපාංග ද්විත්ව කැමරා සහ රාත්‍රී දර්ශන තාක්ෂණයෙන් සමන්විත වන අතර එමඟින් රියදුරුගේ ඡායාරූපය, වාහන අංකය සහ වේගය තත්‍ය කාලීනව ග්‍රහණය කර ගත හැකි බවයි වාර්තා වන්නේ.

මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ අනතුරු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය උසස් වේග තුවක්කු හඳුන්වාදී තිබෙනවා.

එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම උපාංගවලට රාත්‍රියේදී පවා කිලෝමීටර් 1.2ක දුර සිට වාහන හඳුනාගත හැකි බවයි වාර්තා වන්නේ.
 
පොලීසිය මෙම උපාංගවලින් 30ක් රට පුරා යොදවා තිබෙනවා.

එමෙන්ම එක් ඒකකයකට රුපියල් මිලියන 3.3ක් වැය වන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ සියලුම පොලිස් කොට්ඨාස 45 සඳහා ආවරණය සහතික කරමින් අමතර ඒකක 15ක් ඇණවුම් කර ඇති බවයි.

(colombotimes.lk)