උතුරු චීනයට සහ බීජිං නුවරට ඊයේ (12) බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය සේවාද අත්හිටුවා ඇති බවයි.
එමෙන්ම ඊයේ (GMT 03:30) වන විට බීජිං අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ 02හි ගුවන්ගමන් 838ක් අවලංගු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සති අන්තය පුරාවටම සුළඟේ වේගය පැයට කිලෝමීටර 150ක පමණ අගයක් පවතින බවයි.
මේ හේතුවෙන් මිලියන ගණනකට සිය නිවාසවලට වී සිටින ලෙසට බලධාරීන් ඉල්ලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුළි සුළඟට කිලෝග්‍රෑම් 50ට අඩු බරැති පුද්ගලයන් පහසුවෙන් ගසාගෙන යා හැකි බවයි.
මේ හේතුවෙන් ආකර්ශනීය ස්ථාන, ඓතිහාසික ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇති අතර ගුවන්තොටුපළේ අධිවේගී උමං මාර්ගය සහ සමහර අධිවේගී දුම්රිය මාර්ග ඇතුළු දුම්රිය සේවාද අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)