07 January 2025


දේශපාලන හිතවතුන්ට ඉඩම් ලබාදීමක් ගැන විමර්ශනයක්



ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දේශපාලන හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා.
 
ඔහු සඳහන් කළේ ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබාදීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

2015 වසරේ සිට මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)