ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබෙනවා.
ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙක් වන ජගත් සමන්තගේ නිවසට හානි කිරීමක් පිළිබදව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඊයේ (24) කැදවූ අවස්ථාවේ ඔහු අධිකරණයට නොපැමිණීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
(colombotimes.lk)