තේ දළු නෙළන වතු කම්කරුවන්ට අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වී පහසුවෙන්ම තේ දළු නෙළීම සඳහා විශේෂ කුඩයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ වතුපාලන අධිකාරිය විසින්.
වතු අධිකාරී නදීර ගුණසේකර කියා සිටියේ වතුයායේ තාක්ෂණ නිලධාරීන් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය නිර්මාණය කළ බවයි.
එමෙන්ම ඉදිරියේදී මෙම කුඩය සඳහා පේටන්ට් බලපත්රයද ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
එක් කුඩයක් සඳහා 1,600ක පමණ පිරිවැයක් යොදා තිබුණද එහි සේවකයන් සඳහා එම කුඩ නොමිලේ ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)