කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්රදේශයේදී ලංගම බස් රථයක් ගසක වැදීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයන් 5දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් එලෙස අනතුරට පත්ව තිබෙනවා.
අනතුරට හේතුව තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)