28 January 2025


ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට



මහනුවර දුම්රියපළ අසලදී ඊයේ (26) දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලකට විදේශිකයන්ට අලෙවි කල සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

පොලීසිය සඳහන් කළේ ඔහු සතුව තිබූ ඊ ටිකට්පත් 2ක් සහ ජංගම දුරකථන 2ක් වැඩිදුර විර්මශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 
(colombotimes.lk)