කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසය අද (27) ඒකක 126.81කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 17,044.67ක් ලෙස සටහන් වුණා.
එය මෙතෙක් ඉතිහාසයේ සටහන් වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 5.93ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)