19 February 2026

logo

වනඅලියෙක්ට තවත් අවාසනාවන්ත ඉරණමක්



පැපොල් වගා බිමක තිබී මියගිය වනඅලියෙක්ගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදීයි.

වයස අවුරුදු 20-25ත් අතර පසුවන වනඅලියෙක් මෙලෙස මියගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම මරණය සිදු වූ ආකාරය පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් සහ බුත්තල පොලිස් නිලධාරීන් විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)