12 December 2024


යුක්රේනයට තවත් යුද ආධාර පැකේජයක්



රුසියාව සමඟ පවතින යුද ගැටුම් සඳහා යුක්රේනයට තවත් ආධාර පැකේජයක් ලබාදීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී යුක්රේනයට ඩොලර් මිලියන 988ක නව ආයුධ සහ උපකරණ ආධාර පැකේජයක් ලබා දීමට නියමිත බවයි.

කැලිෆෝනියාවේ පැවති වර්ෂික ජාතික ආරක්ෂණ සංසදයේදී ආරක්ෂක කර්මාන්ත සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම ආධාර පැකේජය පිළිබඳ තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)