ඉන්දියාවේ පැවති 72වන ලෝක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ පැවති 72වන ලෝක රූ රැජිණ අවසන් තරගය ලොව පුරා රටවල් 108ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර කෙසේ නමුත් එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40දෙනා අතර පිවිසීමට නොහැකි වුණා.
නමුත් අනුදි ගුණසේකර එම තරගාවලිය තුළ වාර්තා රැසක් තබමින් තරග අංශ කිහිපයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයක්.
(colombotimes.lk)