අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළඹෙන ජූනි මස 16වනදා පැවැත්වෙන බව නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජුනි 16වනදා උදෑසන 9.30ට කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භවීමට නියමිතයි.
(colombotimes.lk)