Airbus A330-200 පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද (04) SriLankan Airlines සමඟ එක්වීමට නියමිතව තිබෙනවා.
එම ගුවන් යානය පැරිස් නුවර සිට මෙරටට පැමිණෙන අතර මෙරට ගුවන් යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින් කොළඹ සහ මොරටුව අහසේ අඩු උසකින් (1500 ft) පියාසර කිරීමට නියමිතයි.
ඒ අනුව අද උදෑසන 8.00 සිට 9.00 දක්වා මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ වරාය නගරයේහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර කටුනායක ගුවන්තොටුපළට ඉහළින් ගොඩබස්වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)