06 June 2025


පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක්



පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබෙනවා. 

කොළඹ පිළියන්දල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය සඳහන් කළා. 

එමෙන්ම කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)