06 June 2025


Airbus A330-200 ගුවන්යානය දිවයිනට



ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වන Airbus A330 - 200 නවතම ගුවන්යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
 
මෙම ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට අද (04) උදෑසන දිවයිනට ළඟා වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන්යානය පළමුවරට පැමිණීම දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්වී තිබෙනවා. 




(colombotimes.lk)