Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ ආසියානු කලාපයේ අනුශූරිය බවට පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.
ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන්ද ඇය වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්.
මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියට ඉදිරිපත් වූ 108දෙනෙක් අතුරින් Multimedia Challenge තරගයේ ගෝලීය ජයග්‍රාහකයින් 8දෙනා අතරට පැමිණීමට ඇය සමත්වී තිබෙනවා.
(colombotimes.lk)