ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.
එහි සඳහන් වන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/2022 වර්ෂවල පාඨමාලා හැදෑරු ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බවයි.
ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි ලබන 28වනදා දක්වා එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමට හැකියාව ලබාදී තිබෙනවා.