මේ වසරේ ජුනි මාසයේ සිට අස්වැසුමෙන් ප්‍රතිලාභ ගන්නා පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවා.
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 15 වනදායින් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව මෙම කාල සීමාවෙන් පසුව අයදුම්කරන කිසිවෙකුත් අස්වැසුම සඳහා සුදුසුකම් නොලබන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේවෙතත් සාවද්‍ය තොරතුරු ලබාදී අස්වැසුමෙන් ප්‍රතිලාභ ලැබූවන් 7,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.