මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකැත අද (14) පූර්වභාග 6.44ට උදාවුණා.
මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්.
මේ අතර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 16වන බදාදා පූර්වභාග 9.04ට යෙදී තිබෙනවා.
(colombotimes.lk)