16 April 2025


රනිල්ගේ විශේෂ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරයි



රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ විසින් චන්ද්‍රකාන්තන් සමඟ කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබූ බවයි.

රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙක් සමඟ දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බැවින් එම ඉල්ලීමට අවසර ලබානොදුන් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

 
(colombotimes.lk)