16 April 2025


කැබ් රථ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට



මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුරු සිදුවී තිබෙනවා.
 
එම අනතුරෙන් එහි රියදුරු සහ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් බවයි.

(colombotimes.lk)