17 April 2025


පුංචි ඡන්දයේ නාම යෝජනා පත්‍ර ගැන කොමිසමෙන් දැනුම්දීමක්



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මැයි 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා භාර දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්‌යාල වෙත ලබාදෙන ලෙස අදාළ දේශපාලන පක්ෂ ලේකම්වරු, බලයලත් නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

 
 
(colombotimes.lk)