06 July 2025

logo

ට්‍රම්ප් විශේෂ තීරණයක් ගනියි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට Smartphone, Computers, Monitors, Memory cards ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඇතුළත් වන බවයි.

එම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත කිරීම හේතුවෙන් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට ඇමරිකානු තාක්ෂණික සමාගම් විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)