අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරුවන් ඊයේ (16) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදාහැර ඇති බවයි.
අධිකරණ නියෝග කඩ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9දෙනෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)