03 September 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ සම්මානයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් පුරවැසියෙක්ට පිරිනමන ඉහළම සම්මානය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ එරට ජනාධිපති වන ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහීයන් හමුවූ අවස්ථාවේදී මෙම සම්මානය පිරිනමා ඇති බවයි.

එහිදී ඉදිරි වසර 10 තුළ ඩොලර් ට්‍රිලියන 1.4ක මුදලක් අමෙරිකාවේ ආයෝජනය කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)