01 June 2026

logo

කඩුවෙල මහේස්ත්‍රාත්වරිගේ නිල මැදිරියට මුද්‍රා තබයි



කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාරගේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

කඩුවෙල පොලීසිය සඳහන් කළේ ලබන 19වනදා හිටපු මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාරට අධිකරණය වෙත පැමිණ ඇයගේ නිල කාමරයේ තිබෙන ඇයට අයත් භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

චාණිමා විජේබණ්ඩාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදු කළ පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරයට මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)