17 May 2025


දුම්රිය වර්ජනයට අමාත්‍යාංශයෙන් පිළිතුරක්



මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ එම අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබියදී දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම පසෙක දමා ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරන බවයි.

ජනතාව අපහසුතාවට පත් කරන මෙම වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් තිබේද යන සැකය මතුවන බවත්, ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම හා ජනතාව පීඩාවට පත් කිරීම එහි උත්සාහය බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන් 106දෙනෙක් බඳවා ගැනීමට මාස කිහිපයකට පෙර අනුමැතිය ලබාදී තිබුණ ද දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වනතෙක් නව බඳවා ගැනීම් කිසිවක් සිදු කිරීමට නොහැකි වී ඇති බවයි.

(colombotimes.lk)