නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංක තහඩුවල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳ පොලීසියද දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)