බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙක්ට බීමත් මගියෙක් විසින් සිදු කළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන් ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ පසුගිය 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගලයෙක්ට
බස් රථයේ රියදුරු අවවාද කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා රියදුරු සේවය නිමකර නිවස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මේ වන විට තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබෙනවා.
පහරකෑමට ලක්වූ රියදුරු සඳහන් කළේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මඟින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවයි.
ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)