02 April 2025


ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 7වනදා



තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ලබන 5වනදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.

ඔහු සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 7ක් මෙවර මුද්‍රණය කරන බවයි.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 7වනදා සිදු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


(colombotimes.lk)