colombotimes.lk
සිංහල | English

10 October 2024


මියගිය LTTE කතකගේ සිරුරු කොටස් හමුවෙයි (PHOTOS)



මියගිය LTTE කාන්තාවකගේ සිරුරක කොටස් කීහිපයක් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමුව තිබෙනවා. 

පානීය ජල ව්‍යාපෘතියක් සඳහා පුද්ගලික ආයතනයක් විසින් කැනීම් සිදුකරමින් සිටියදී 2023.06.29 වන දින මෙම සිරුරු කොටස් හමුව ඇති බව සඳහන්. 
 
මෙම ප්‍රදේශය LTTE සංවිධානය විසින් යුධ හමුදාව වෙත දැඩි ප්‍රහාර එල්ල කරන ලද ප්‍රදේශයක් වන බවයි වාර්තා වන්නේ. 
 
මෙම සිරුර දෙපාර්ශවය අතර ඇතිවී ඇති වෙඩි හුවමාරුවකදී මියගිය LTTE කාන්තාවකගේ බවට සැක කරනු ලබනවා. 
 
එමෙන්ම තවත් එවැනි සිරුරු එම ස්ථානයේ තිබිය හැකි බැවින් මුලතිව් අධිකරණ විනිසුරු ටී සර්වණරාජා මහතාගේ නියෝග මත අද දින (06) කැනීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
(colombotimes.lk)