04 February 2026

logo

නීති විරෝධීව රැදී සිටින ඇෆ්ගන් ජාතිකයන් ගැන පාකිස්ථානයෙන් දැඩි තීරණයක්



නීති විරෝධීව පාකිස්ථානයේ රැදී සිටි ඇෆ්ගනිස්ථාන ජාතිකයන් බොහෝ පිරිසක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම මාසයේ ගතවූ කාලය තුළ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 19,500දෙනෙක් පිටුවහල් කිරීමට පාකිස්ථානය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම නීති විරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්ථාන වැසියන් 80,000ක පමණ පිරිසකට අප්‍රේල් 30වනදාට පෙර පාකිස්ථානයෙන් පිටව යන ලෙස දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)