23 April 2025


හලාවතට හදිසි ජල ගැලීම් තත්ත්වයක්



මේ දිනවල දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා  

ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී තිබෙනවා.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බවයි.

(colombotimes.lk)