01 July 2025

logo

පාස්කු ඉරිදා වෙනුවෙන් පාප් වහන්සේ පෙනී සිටියි



බරපතල අසනීපයකින් සුවය ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (20) වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාස්කු සැමරුම් උත්සවයේදී බැතිමතුන් පිළිගැනීම සඳහා උන්වහන්සේ ශාන්ත පීතර චතුරශ්‍රයට පැමිණි බවයි.
 
එහිදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැමිණ සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන්ට සුභ පාස්කු දිනයක් ප්‍රාර්ථනා කර තිබෙනවා.

(colombotimes.lk)