වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දුඹුරු සීනිවල මිල රුපියල් 40කින් පහත දැමීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි නව මිල රුපියල් 300ක් ලෙස සටහන් වනවා.
ලංකා සතොස නිවේදනය කළේ ඊයෙ (17) සිට නව මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට ලංකා සතොස අලෙවිසැල් මඟින් දුඹුරු සීනි ලබාගත හැකි බවයි.
(colombotimes.lk)