ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කළේ පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමඟ ගිවිසුම්ගත වීමට සිය අනුමැතිය ලබාදුන් බවයි.
ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට (19) සිට ආරම්භ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා සති 06ක කාලයක් තුළ ගාසාහි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙක් සහ ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින සියළුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)