ධවල මන්දිරය විසින් ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම්දීම ගෘහස්ථව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරි දිනවල වොෂින්ටන්හි ඇති විය හැකි ශීත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව මෙම මස 20වනදා වොෂින්ටන්හි කැපිටල් වන් අරීනාහි ගෘහස්ථව සමාරම්භක පෙළපාලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)