01 July 2025

logo

UNP හා එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට SJB අනුමැතිය



ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ එම පක්ෂ කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් රැසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)