ඇමරිකාවේ TikTok ගිණුම් මිලියන 170ක් හෙට (19) අක්‍රීය කරන බව Tiktokහී මව් සමාගම පවසනවා.
ඒ ජෝ බයිඩන් පාලනය විසින් TikTok තහනම ඉවත් කිරීමට කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන්.
රජයේ තීරණයට එරෙහිව TikTok සමාගම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයද ඊයේ (17) ප්‍රතික්ෂේප වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙට සිට ඇමරිකාව තුළ TikTok සමාජ මාධ්‍ය ජාලය තහනම් කරන බවයි.
TikTok සඳහා අවශ්‍ය සේවා සපයන ඇපල්, ගූගල් සහ ඔරකල් වැනි සමාගම් අදාළ තහනම ක්‍රියාත්මක වීමෙන් පසුවත් TikTok වෙනුවෙන් සේවා සැපයීම සිදු කළ හොත් අදාළ සමාගම්වලට විශාල දඩ මුදලකට යටත්වීමට සිදු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)