20 January 2026

logo

විපක්ෂ නායක ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි



මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදීයි.

එහිදී ළඟම අසල්වැසියා ලෙස දශක ගණනාවක් පුරා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළ කර තිබෙනවා.

එමෙන්ම මෙරට පවතින ආර්ථික අර්බුදය ජයගෙන බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)