පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු අපේක්ෂකයන් 74කට නඩු පැවරීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක කියා සිටියේ වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 800කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
මේ වන විට ඊට අදාල කටයුතු සිදු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)