13 May 2025


ඉන්දීය නළුවෙක් දිවි ගමනට සමුදෙයි



'ධර්තිපුත්‍ර නන්දනී' රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන නළු අමන් ජයිස්වාල් ඊයේ (17) මියගොස් තිබෙනවා.

ඒ ඉන්දියාවේ මුන්බායිහී ජෝගේෂ්වරී මාර්ගයේ ට්‍රක් රථයක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 23 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරුට එරෙහිව නඩුවක්ද ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)