12 July 2025

logo

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරු ජනපති හමුවෙයි



අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් හමුවී තිබෙනවා.

ඒ සිංගප්පූරු ජනාධිපතිගේ ඉන්දීය සංචාරයට සමගාමීව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එහිදී දෙරට අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

මෙම හමුවීමේදී අර්ධ සන්නායක, ඩිජිටල්කරණය, නිපුණතා සහ සම්බන්ධතා වැනි අනාගත ක්ෂේත්‍රවල සහයෝගීතාව මෙන්ම, කර්මාන්ත, යටිතල පහසුකම් සහ සංස්කෘතිය තුළ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)